Wednesday, April 17, 2024

General line - 0115112241

තුන්වන එක්දින තරගයට බාධා




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයට ඊයේ (26) වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මේ නිසා තරගය අතරමග නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට ලබාදුන්නා.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 248 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 62 යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට මුහුණ දීමට සිදුවූයේ පන්දුවාර 04 කට පමණයි. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එහිදී තරගය අතරමග නතර කෙරුණා. ඒ වන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබාගෙන සිටියා.