Thursday, February 13, 2025

General line - 0115112241

හීලෑ අලි ඇතුන්ගේ සංචිතයට විරෝධයක්




පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා.

හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙවැනි සංචිතයක් ඇති කිරීම හරහා අලි ඇතුන් හිංසනයට ලක්වන බවයි.

පින්නවල අලි අනාථාගාරයෙන් හා අවශ්‍ය අවස්ථාවන්වලදී උඩවලව ඇත් අතුරු සෙවණින් ලබාගන්නා අලි ඇතුන් යොදාගෙන හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් ඇති කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස එය පවත්වාගෙන යනු ඇති.

මෙවැනි හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් ඇති කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව ප‍්‍රකාශ කළා.