Friday, September 20, 2024

General line - 0115112241

හුසේන් කුමරුගේ වාර්තාවට ප්‍රතිචාර දක්වයි




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පසුබිම පිළිබඳව ඊයේ (28) නිකුත් කළ පූර්ව වාර්තාවට ඒකාබද්ධ විපක්ෂය අද (29) ප‍්‍රතිචාර දැක්වූවා.

හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ එම වාර්තාවේ කැපී පෙනෙන කරුණ නම් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දැඩි ප්‍රතිසංස්කරණයකට භාජනය කිරීම බවයි. මෙම වාර්තාවේ බලපෑම්වලට මූලික හේතු වී ඇත්තේ 30 වැනි සැසිවාරයේදී මහකොමසාරිස්වරයාගේ වාර්තාව ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම අනුමත කිරීම බවත් පැවසුවා.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙම කරුණු දැක්වූයේ කොළඹ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පසුබිම පිළිබඳව ඊයේ නිකුත් කළ පූර්ව වාර්තාව සම්බන්ධයෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ද අද අදහස් පළ කළා.

උන්වහන්සේ පැවසුවේ මෙම වාර්තාව බෙදුම්වාදයට උඩගෙඩි දීමක් බවයි. ජාතික සංවිධාන එකමුතුව කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.