Saturday, May 4, 2024

General line - 0115112241

ජාතික ගීය හරියට කියන්න බැරි නම් මළල ක්‍රීඩා බෑ!!



ජපන් ජාතික ගීය මුමුනන්නේ නැතිව හරි හැටි ගායනා කරන්න යැයි ජපන් ඔලිම්පික් කමිටුවේ සභාපති යොෂිරෝ මෝරි අනතුරු අඟවා තිබෙනවා.

ඔහු මෙසේ අනතුරු අඟවා ඇත්තේ ලබන මාසයේ ඔලිම්පික් තරග සඳහා බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ බලායන 300ක් පමණ වූ ජපන් ක්‍රීඩා කණ්ඩායම අමතමිනුයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නිවැරදි අයුරින් ජපන් ජාතික ගීය ගායනා කළ නොහැකි අය ජපන් මළල ක්‍රීඩා කණ්ඩායමට නුසුදුසු බවයි.

මෝරී 2000 සිට 2001 දක්වා ජපානයේ අගමැති ධුරය දැරූ අතර ඉතා තද නීතිකාරයකු වශයෙන් ප්‍රසිද්දියක් උසුලයි.