Saturday, May 4, 2024

General line - 0115112241

තේරෙයි..කල්යයි!



වැට් බදු වැඩි කළේ නොකරම බැරි නිසා මිසක් ජනතාව මත බර පැටවීමේ අදහසකින් නොවන බවත්, ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට සහන ලබාදෙන බවත් අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

මේ ආණ්ඩුවට භාරගන්නට සිදු වුණේ දූෂණයට වංචාවට ලක් වූ රටක් බව පවසන අමාත්‍යවරයා, ඒ රට ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් කිරීම මේ ආණ්ඩුවේ අරමුණ බව ද පැවැසුවේය.

වත්මන් ආණ්ඩුවේත් එහි නායකයන්ගේත් කිසිදු නාස්තිකාර හෝ වංචාකාර හැඟීමක් නැතැයි පැවැසූ අමාත්‍යවරයා හුදෙක් ඇත්තේ ජනතා සේවයක් සැලැසීමේ අරමුණ බවද කියා සිටියේය.

මේ නිසා වැට් බදු වැඩි කිරීම ජනතාව අපහසුවට පත් කරන්නට ගත් පියවරක් නොවන බවත්, ඉදිරියේදී ඒ බව ජනතාවට අවබෝධ වෙනු ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.