Sunday, December 22, 2024

General line - 0115112241

සිගරැට් නෑ කීවාට උරණවී රෝද දෙකෙන්ම කඩේ තුළට විත් කතකට පහරදුන් මිහින්තලේ දේශපාළු පුතා මෙන්න!



සිගරැට් නොමැති බව පැවසූ කඩයක මුදල් අයකැමියරයෙකුට දේශපාලනඥයකුගේ පුත්‍රයකු විසින් පහරදීමේ පුවතක් මිහින්තලයෙන් වාර්තාවේ.

මෙම දේශපාලන පුත්‍ර‍යා හා තවත් තරුණයෙකු වෙළඳසල තුළටම විත් මෙම පහරදීම සිදුකොට ඇති බවයි වාර්තාවන්නේ.

මෙම ගැටුමට මැදිවූ කාන්තාවක් මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබඳ වෙළඳසල් හිමියා පවසන්නේ මෙවන් කතාවක්.

පසුගිය ඉරිදා රාත්‍රි 8.10ට පමණ ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ පුත්‍රයෙක් තවත් තරුණයකු සමඟ යතුරුපැදිය කඩේ ඇතුළටම ධාවනය කරගෙන ඇවිත් සිගරැට් ඉල්ලුවා.

කැෂියර් සිගරැට් නැතැයි කීවාම යතුරුපැදිය කඩේ ඉදිරිපිට නතර කර පැමිණි දේශපාලකයාගේ පුත්‍රයා – කඩේ කැෂියර්ට ගැහැව්වා එය බේරීමට මගේ නංගි ඉදිරියට එන විට අනෙක් තරුණයා කඩේ තිබූ පුටුවක් උස්සලා ගහන්න හදන විට මා ඉදිරියට පැන වළකන විට එම පුටුව අසල සිටි නංගිට වැදුණා.

ඒ අවස්ථාවේ ඔවුන් බීමත්ව සිටි බවයි අපට තේරුණේ.

පසුව අපි මිහින්තලේ පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කළා.

එහිදී පොලිසිය මඟින් පහර කෑමට ලක්වූ මගේ නංගි මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.

දැනට දින තුනක් පමණ නංගි රෝහලේ ප්‍රතිකාර ගන්නවා.

ඇය රෝහලෙන් පිට වුණාම පොලිසියට එන්න කියලා දැනුම් දී තිබෙනවා.