Friday, September 20, 2024

General line - 0115112241

පූර්ණ වල් නාශක සියල්ල තහනම්




සියලුම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම, අලෙවිය සහ භාවිතය වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපතිවරයා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

තහනම් කරන ලද ග්ලයිෆොසේට් කෘෂි රසායනිකය වෙනුවට ග්ලූෆොසිනේට් නම් කෘෂි රසායනිකයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කර විවිධ වෙළෙඳ නාම යටතේ බෙදාහැරෙමින් ඇතැයි ලැබුණු තොරතුරු සැළකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ ග්ලයිෆොසේට් නැමැති උග්‍ර විෂ වල් නාශකයට වඩා ග්ලූෆොසිනේට් 15 ගුණයකින් පමණ විෂ සහිත වන වල් නාශකයක් බවයි. එහි වකුගඩු අවධානමට අමතරව පිරිමි පුද්ගලයින්ගේ වඳ භාවයට හේතු වෙන බව පර්යේෂණාත්මකව සහතික කර ඇති බවත් පැවසුවා.

ආනයනය තහනම් කළා සේම ග්ලූෆොසිනේට් නම් කෘෂි රසායනිකයේ දැනට ගෙන්වා ඇති තොග ද ආපසු හරවා යැවීමට කටයුතු කරන්නැයි වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙහිදී ඉල්ලීමක් ද කළා.