Sunday, December 22, 2024

General line - 0115112241

ගාල්ලේ ඉඳන් එන කෝච්චියේ “සෙල්ෆි“ ගැසූ තරුණියක් මරු සමග ගියහැටි



දුම්රියක පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි තරුණියක්‌ අම්බලන්ගොඩ මාදම්පාගම දුම්රිය ස්‌ථානයේ වේදිකාවේ වැදී බිමට වැටී එම දුම්රියටම යටවී මියගොස්‌ ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසනවා. ගාල්ලේ සිට මරදාන බලා ඊයේ (09 දා) පෙරවරුවේ ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගමන්ගත්  විදේශීය තරුණියක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

මෙසේ මියගොස්‌ ඇති කාන්තාව විසිපස්‌ හැවිරිදි චීන ජාතික කාන්තාවකි.

ඇය තවත් මිතුරියක්‌ සමඟ සංචාරයක්‌ සඳහා මෙයට ටික දිනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ප්‍රදේශයේ නතර වී සිට ඇත. මේ අතර ඔවුන් දෙදෙනා කොළඹ බලා යැමට ඊයේ උදෑසන 8.30 ට ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියට ගොඩවී තිබේ. මියගිය කාන්තාව දුම්රිය පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මාදම්පාගම දුම්රිය ස්‌ථානයේ වේදිකාවේ හැපී බිමට වැටී එම දුම්රියටම යටවී ඇත.