Friday, April 26, 2024

General line - 0115112241

ඔලිම්පික් යන්න සුදේශ් පීරිස්ටත් වරම්




මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා  බර ඉසිලීමේ ඉසව්වෙන් තරගවැදීමට සුදේශ් පීරිස්ට අවස්ථාව හිමි වී තිබෙනවා. ඔහුට මෙම අවස්ථාව ලැබී ඇත්තේ වයිල්ඩ් කාඩ් ක‍්‍රමයටයි.

2010 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් සහ 2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ද සුදේශ් පීරිස් සමත් වුණා.

මෙවර දකණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 62 බර පන්තියෙන් බර ඉසිලීමේ රන් පදක්කම දිනාගත්තේ ද ඔහු විසින්.

තවත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8 දනෙකු ද මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබාගෙක තිබෙනවා.

බ‍්‍රසීලයේ රියෝදජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මාසයේදී ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

SUDESH