Friday, September 20, 2024

General line - 0115112241

පුද්ගල ශරීරයේ තොරතුරු ගැනීම වැරදියි




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කර පුරවැසියන්ගේ ජෛවමිතික ලක්ෂණ රජයට ලබාගැනීම අනුමත කළ නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹදී අද (29) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවා.

මෙම පනත හරහා පුද්ගලයෙකුගේ ශරීරයේ පිහිටීම පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි බවත් ඔහුගේ ඇඟිලි 10 යේම ඇඟිලි සළකුණු ලබා ගැනීමේ අයිතිය රජයට ලැබෙන බවත් පැවසුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙම පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට පැවසූ පිරිස්ම මෙවර පනතට පක්ෂව සිටින බවත් පැවසුවා.

පුරවැසියන්ගේ ජෛවමිතික ලක්ෂණ රජයට ලබාගැනීම ලෝකයේ වෙනත් රටවලද නීති විරෝධී බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.