Friday, September 20, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම උද්ඝෝෂණය අතහරී – උපවාසය අරඹයි




මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති මීගහතැන්න ප‍්‍රාථමික විදුහලට 2016 වසර සඳහා පළමු වසරට ළමුන් 09 දෙනෙකු ඇතුළත් කර නොගැනීමේ ප‍්‍රශ්නයක් මුල් කරගෙන වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හා ඔහුගේ ආධාරකරුවන් කිපදෙනෙකු මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පිඩාවට හා එදිනෙදා ජන ජීවිතවලට බාධා ඇති වන බව මතුගම මුලස්ථාන පොලිස් පරික්ෂක විසින් අද (29) දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා.

එසේ කරුණු වාර්තා කිරීමෙන් පසු මහජන පිඩාවට හා එදිනෙදා ජන ජීවිතවලට බාධා නොවන ආකාරයට උද්ඝෝෂණය කරන ලෙසට අධිකරණය නියෝග ලබා දී තිබෙනවා.

මෙම නියෝගය ලබා දීමෙන් පසු අදාළ උද්ඝෝෂණය අවසන් කර ඇති අතර සාමකාමී උපවාසයක් ලෙස ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.