Thursday, April 25, 2024

General line - 0115112241

කෝටි 61 ඉපයූ හැටි කියාගන්න බැරි සජින් වාස්ට ඇප




රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය නිවැරදි ලෙස හෙළි නොකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජීන් වාස් ගුණවර්ධන මහතා අද ඇප මත මුදාහැරියා. එ් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයකට අනුවයි.

එ් අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. සිද්ධියට අදාළ නඩුව ලබන ජූලි මස 29 වැනි දා යළි කැඳවීමට නියමිතයි.