Thursday, February 13, 2025

General line - 0115112241

සාලාවේදී පාර වැසූ පිරිසට නඩු




කොස්ගම සාලාව කඳවුර ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් අද (08) පෙරවරුවේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මීට පෙරද මෙවැනිම විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ද හඳුනාගෙන ඇති බවයි. මෙම ජනතාව යම් පීඩාවකට පත්ව ඇති නමුත් සෙසු ජනතාව පීඩාවට පත් කිරීමට ඔවුන්ට අයිතියක් නැතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.