Saturday, May 4, 2024

General line - 0115112241

ෆේස්බුක් එකට එකතු වෙන නවතම විශේෂාංගය මෙන්න!



දිනෙන් දින අලුත් වන ෆේස්බුක් වෙබ් අඩවියට නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට මේ දිනවල ෆේස්බුක් ආයතනය සූදානම් වනවා.

ඒ ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝ පට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ලබාදීමයි.

දැනටත් ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝ පට ඩවුන්ලොඩ් කර ගැනීමට විවිධ උපාංග හරහා අවස්ථාව තිබෙන නමුත් ෆේස්බුක් වෙබ් අඩවිය තුළින්ම එම පහසුකම සළසා නැහැ.

ෆේස්බුක් පරීශිලකයන්ගේ පහසුව තකා මෙම විශේෂාංගය හඳුන්වා දෙන බවයි වාර්තා වන්නේ

මෙම පහසුකම ලබන ජූලි මස 11 වනදා සිට ඉන්දියාවේ අත්හදා බැලීමට නියමිත බව ඔවුන් පවසනවා.