Monday, September 23, 2024

General line - 0115112241

“රාජ්‍ය මාධ්‍ය අද පුද්ගලික මාධ්‍යටත් එහා ගිහින්”




ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බව සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසනවා.

කොළඹ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ “දැන් ලේක්හවුස් එකේ ඉංග්‍රීසි පත්තරේ හෙඩ්ලයින් මොනාද?. ‘අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙනවා ජනාධිපතිගේ කතාවට.. ‘. ඒයාලට කියන්න ඇති ඒ කතාවටයි කියලා අයිං වෙන්නෙ කියලා.. මේ රටේ පුද්ගලික මාධ්‍යයෙන් කියන එකටත් එහාට යනවා රාජ්‍ය මාධ්‍ය. ඒ වගේම රජයේ පුවත්පත්වල තියෙනවා මහින්ද රාජපක්ෂගේ අනාගත රැස්වීම්වල විස්තර. මේකේ තාම ලියන්නේ මහින්ද රාජපක්ෂගේ ටයිම් ටේබලේ යලිපු එකාමනේ.. මොකා වුණත්.. දැන් ලක්හඬ නම වෙනස් කළා, ජනාධිපතිතුමා කියනවා එතුමා දන්නෙත් නෑලු. කොච්චර ලස්සන නමක්ද? නමුත් ඒක වෙනස් කරා..” යනුවෙනි.

මේ අතර ජනාධිපතිවරයා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු පියවර ඇතුළත් ලිපියක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යොමුකර තිබුණා. එ් සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.

(ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයාගේ හඬපටය පහතින් අහන්න)

img-20161019-wa0000