Monday, September 23, 2024

General line - 0115112241

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට




ලබන වසර සඳහා රජයේ ආදායම් වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කෙරෙනවා.

මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් 2017 වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වැනිදා සිදු කිරීමට නියමිතයි.

නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා මාසයක කාලයක් අයවැය විවාදය පැවැත්වෙනවා. අයවැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට ඉකුත් සිව්වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.