Monday, September 23, 2024

General line - 0115112241

කොළඹ යාචකයින් ඇල්ලීමේ මෙහෙයුම දිගටම




කොළඹ නගරයේ විදුලි ආලෝක සංඥා අසල සිඟමනේ යෙදෙන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දැන් කි‍්‍රයාත්මකයි.

මගී ජනතාවගෙන් දිගි දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙලෙස සිඟමනේ යෙදෙන යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

විදුලි ආලෝක සංඥා පුවරු අසල සිඟමනේ යෙදෙන ඇතැම් යාචකයින් හේතුවෙන් රිය අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතිනවා. එමෙන්ම බොහෝ අවස්ථාවන්වලදී එය රථවාහන තදබදයටද හේතුවක්. මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනින්ද මීට පෙර අවස්ථා කිහිපයකීද කරුණු අනාවරණ කළා.

මේ අතර එලෙස විදුලි ආලෝක සංඥා මංසන්ධියක් අසල සිඟමනේ යෙදෙන යාචකයින් පිරිසක් පිළිබඳ නෙත් නිවුස් ඊයේ පස්වරුවේ වැල්ලවත්ත පොලීසිය දැනුවත් කළා.

(එම හඬපටය පහතින් අහන්න)