Monday, September 23, 2024

General line - 0115112241

GSP ප්ලස් බදු සහනය අත ළඟ – අගමැතිගෙන් සහ මුදල් ඇමැතිගෙන් පොරොන්දු




ලබන වසරේ මාර්තු සහ මැයි යන මාස අතරතුර කාලයේදී ජී එස් පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ පසු ක්‍රියාත්මක කරන ආර්ථීක සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි.

ඊයේ (20) දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡා වාරයෙන් පසුව මාධ්‍යවේදීන් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මුළු රටම ඒකරාශී කරගත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලීමේ නව වැඩසටහනක් ජනවාරි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

කථා කිරීමේ කාලය මේ වන විට අවසන් වී තිඛෙනවා. දැන් උදාවී ඇත්තේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කාලය බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

ජී එස් පී ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීමට තාක්ෂණික කරුණු කිහිපයක් පමණක් ක්‍රියාත්මක කළ යුතුයි.

ඒවාද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

මේ අතර මෙරට ඇඟලූම් කර්මාන්තයේ සහ අපනයන කෙෂ්ත්‍රයේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජී එස් පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වන විට සියලූ කටයුතු සම්පූර්ණ කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයෙන් එම කටයුතු සිදු කෙරුණු බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පැවති ගැටලූද මේ වන විට නිරාකරණය වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.