Monday, September 23, 2024

General line - 0115112241

කොළඹ ගම්පහ කුරුණෑගල මහනුවර විදුහල්පතිලාගෙන් අමුතු නීතියක්?




පාසලට පැමිණීමේදී සාරි ඇඳීම අනිවාර්ය නොවන බව දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය නොසලකා හරිමින් ක්‍රියාකරන සියලුම විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කොට තිබෙනවා.

මෙම චක්‍රලේඛය නොසලකා හරිමින් විදුහල්පතිවරු තවමත් සාරිය ඇඳන් පැමිණිම අනිවාර්ය කර ඇති බව පවසමින් විශාල දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට කළ පැමිණිලි පදනම්කොට ගෙන මෙම තීරණය ගෙන ඇත.

කොළඹ ගම්පහ කුරුණෑගල මහනුවර යන දිස්ත්‍රික්කවල බොහෝ විදුහල්පතිවරුන්ට එරෙහිව මෙසේ පැමිණිලි ලැබී ඇති බව වාර්තා වෙයි.