Monday, September 23, 2024

General line - 0115112241

‘උසාවිය නිහඬයි‘ තහනම ඉවතට




ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයට පැන වූ අතුරු තහනම අද ඉවත් කෙරුණා.

ඒ කොළඹ දිසා අධිකරණ විනිසුරු එන් එන් ගුණවර්ධනගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි මස 19 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වන නියෝගය හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණ විනිසුරු එන් එන් ගුණවර්ධන අද තීරණය කළා.

හිටපු දිසා විනිසුරු ලෙනින් රත්නායක විසින් ගොනු කළ පෙත්සමක් අනුව මෙම අතුරු තහනම් නියෝගය පනවා තිබුණා.

ලෙනින් රත්නායක සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමාගේ වෘත්තීය චරිතය ගැන නිරුපණය කිරීමෙන් තමාටත් සමස්ත අධිකරණ පද්ධතියටත් හානියක් සිදුව ඇති බවයි.