Monday, September 23, 2024

General line - 0115112241

15වතාවක් වෙට්ටු දැම්මූ චීන කතට අවසානයේ වැඩ වරදියි




රුපියල් මිලියන 11කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවකට රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කර තිඛෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්.

අද උදෑසන සිදු කළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුනා.

ඇය චීන ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියා.

ඇය සතුව තිබී වටිනා මැණික් ගල් 248ක් සොයාගෙන තිඛෙනවා.

මැණික් ගල් තොගය රාජසන්තක කළ බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම කත 15 වරක් ලංකාවට පැමිණ ඇතැයිද රේගුව කියයි.