Monday, September 23, 2024

General line - 0115112241

යාපන සරසවි සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියයයි (PHOTOS)




යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විශේෂ  විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ මොවුන් දෙදෙනා යාපනය කොක්කුවිල්, කුලප්පිට්ටි ප්‍රදේශයේදී මෙලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක්.

එක් අයෙකු 24 වැනි වියේ පසුවන අතර අනෙක් සිසුවා 23 වැනි වියේ පසුවනවා.

ඔවුන්ගේ සිරුරු මේ වන විට යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

මෙය හදිසි අනතුරකින් සිදුවූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

rimand-www-nethnews-lk00002

rimand-www-nethnews-lk00001