Monday, September 23, 2024

General line - 0115112241

ධීවර නොසන්සුන්තාවෙන් 6ක් රෝහලේ (UPDATE)




කල්පිටිය කුරිඥංකුලම ප‍්‍රදේශයේ පැවති ධීවර විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නොසන්සුන්තාවෙන් යතුරු පැදි 4කටද අලාභ හානි සිදුව තිබෙනවා.

තහනම් පන්න ක‍්‍රමවලට විරෝධය පළ කරමින් අද (21) උදැසන පැවති විරෝධතාවක් අතරතුර මෙම නොසන්සුන්තාව ඇති වුණා.

තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබුවා.


ධීවර උද්ඝෝෂණයක් නිසා කල්පිටිය උණුසුම් – තත්වය පාලනයට STF  කැඳවෙයි

Oct 21, 2016 @ 12:25

කල්පිටිය කුරිඥංකුලම ප්‍රදේශයේ පැවති ධීවර විරෝධතාවක් අතරතුර නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිඛෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ විරෝධතාව පැවති ස්ථානයට කිසියම් පිරිසක් පැමිණීමත් සමග මෙම උණුසුම් තත්වය හට ගැනුනු බවයි.

තහනම් ආම්පන්න ක්‍රම වලට විරෝධය පළ කරමින් අද උදැසන මෙම විරෝධතාව ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් ඉන් ටික වේලාවකින් පසුව මෙම උණුසුම් තත්වය හට ගැනුනු බවයි වාර්තා වන්නේ.

තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිඛෙනවා.