Thursday, February 13, 2025

General line - 0115112241

සබරගමුව සරසවිය තාවකාලිකව වසා දැමෙයි




සබරගමුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්.

එහි බලධාරීන් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බහුතරයකට රෝගය වැළඳී ඇති බවයි.

එය පාලනය කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි තීරණය කෙරුණේ.

විශ්ව විද්‍යාලය යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිදායි.