Monday, September 23, 2024

General line - 0115112241

එල්ලිලා මැරුණා ද? මරලා එල්ලුවා ද? – පරීක්ෂණ ඇරඹෙයි




ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ වගකීම භාරගෙන ගෙල වැළලාගත් බව කියන විශ‍්‍රාමික බුද්ධි අංශ සාජන් මේජර් එදිරිසිංහ ජයමාන්නගේ මරණය සම්බන්ධයෙන් වෝහාරික අධිකරණ පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් වෙනත් පාර්ශ්වයක් සිදුකළ ඝාතනයක් ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

පසුගිය 14 වෙනිදා සිය නිවසේ බාල්කයක ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටියදී මෙම බුද්ධි අංශ සාමාජිකයාගේ සිරුර සොයාගනු ලැබුවා.

ඔහු හැඳ සිට කලිසමේ සාක්කුවක තිබී සොයාගත් ලිපියක දැක්වුණේ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් බවටයි.