Monday, September 23, 2024

General line - 0115112241

අයවැය ගැන වැඩි බලාපොරොත්තු එපා කියලා කිව්වා ලු




ලබන වසර තුළදී, පවතිනවාට වඩා වැඩි ආර්ථික පීඩනයකට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඉදිරි වසරේ අයවැය පිළිබඳ අදහස් පළ කරමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරම කියනවා මෙවර අයවැය ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා කියලා. මේ වෙන කොට පසුගිය අයවැය ලේඛණත් නාලම ඉවරයි. ජාත්‍යන්තරයෙන් ණය ගද්දි කොන්දේසිවලට එකඟ වෙන්න වුණා. ඒ අනුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ.. සුබ සාධන වියදම් කපන්න ඕනේ.. ආදායම් වැඩි කරන්න ඕනේ.. ඒකට වැඩි වැඩියෙන් ජනතාවට බදු ගහන්න ඕනේ. “ යනුවෙනි.

(එම හඬපටය පහතින් අහන්න)