Monday, September 23, 2024

General line - 0115112241

මහබැංකු බැඳුම්කර සිද්ධිය ගැන ‘කෝප්’ මත ගැටුමක – පිරිසක් නැඟිට යයි




ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සකස් කරමින් ඇති අවසන් වාර්තාව පිළිබඳ එම කමිටු සාමාජිකයින් අතර මතගැටුමක් හටගෙන තිබෙනවා.

ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කමිටුව රැස් වී මෙම වාර්තාව සකස් කරමින් සිටියදී ඊට විරෝධය පළ කළ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් කමිටු රැස්වීම අතරතුර නැගිටගොස් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

බැඳුම්කර සිද්ධියට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බවද වාර්තා වුණා.

කමිටු රැස්වීමෙන් පිටව ගිය මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ කෝප් කමිටු පරීක්ෂණ වාර්තාව ඒ අයුරින්ම පිළිගත යුතු බවයි. කෙසේ වෙතත් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ඊට සංශෝධන අවශ්‍ය බවයි.

කෝප් කමිටුවේ සාමාජිකයන් 26 දෙනෙකු ඇතුළත් අතර ඉන් 08 දෙනෙකු මෙම විිරෝධය මතු කර තිබෙනවා.

මීට අදාළ කෝප් කමිටු වාර්තාව සකස් කර අවසන් කෙරුණු බවට පළ වන වාර්තා අසත්‍ය බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ.  මේ හේතුවෙන් එළඹෙන සඳුදා පෙරවරුවේ කෝප් කමිටුව යළි රැස්වීමට නියමිත බවත් සඳහන් කළා.