Monday, September 23, 2024

General line - 0115112241

අයවැයට සහය ඕන නම් ශ්‍රීලනිපයේ යෝජනා පිළිගන්න වෙයි




2017 අයවැය සඳහා සහය ලබාදෙන්නේ තමන් ඉදිරිපත් කළ යෝජනා පිළිගතහොත් පමණක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව ප‍්‍රකාශ කළේ හාලිඇළ ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදීයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කරුණු දැක්වූවා.

එහිදී හෙතෙම පැවසුවේ “කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ට අඩු පොළියට ණයදීමේ ක්‍රමයක්, කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් පොහොර සහනාධාද දෙන ප්‍රමාණය වැඩි කිරීම, නියං සහනාධාර, මධ්‍යම පන්තියට සහ සුළු ආදායම් ලබන අයට විශේෂ නිවාස යෝජනා ක්‍රම වැනි දෑ යෝජනා කරා.” යනුවෙනි.

රජයේ සේවකයන් නොවන කුඩා ප්‍රමාණයේ ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සහන රැසක් මෙවර අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති බවත් සඳහන් කළා.