Monday, September 23, 2024

General line - 0115112241

මිල අඩු කළ ඖෂධ වර්ග 48 හා නව මිල මෙන්න




මෙරට රෝගී ජනතාව වැඩි වශයෙන් භාවිත කරන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 ක මිල ගණන් අඩුකරලීමේ විශේෂ ගැසට්‌ නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ඊයේ (21) නිකුත් කෙරුණා.

මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කිරීම සඳහා ලබා දෙන බෙහෙත්, කොලෙස්‌ටරෝල් රෝගය සඳහා ලබා දෙන බෙහෙත්,  හෘද රෝග වැළැක්‌වීම සඳහා ලබා දෙන බෙහෙත්, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන බෙහෙත්, වේදනා නාශක සහ ආසාදනයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග ඇතුළත් වනවා.

බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනය යටතේ දක්‌වා ඇති බෙහෙත් වර්ගවල මිල ඉහල සීමාවන් එම බෙහෙත් වර්ගවල වෙළෙඳ හා ඖෂධීය නාමයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර මෙහි දක්‌වා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එම බෙහෙත් අලෙවි කිරීම තහනම් වනවා.

එමෙන්ම උපලේඛනයෙහි දක්‌වා ඇති බෙහෙත් වර්ගවල නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් සෑම බෙහෙත් අලෙවි සලකම ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇති අතර මෙම බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනයෙහි විධි විධාන උල්ලංඝනය කරනු ලබන නිෂ්පාදකයකු, අපනයනකරුවකු, වෙළෙන්දකු හෝ ඖෂධවේදියකු වෙතොත් ඔවුන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි 132 වැනි වගන්තිය යටතේ නඩු පැවරිය හැකි බවද සඳහන්.

මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන් පහතින දැක්වෙයි.

01 02 03