Monday, September 23, 2024

General line - 0115112241

දුම්වැටිය රුපියල් 55 ට නග්ගන්න යයි




ඉදිරියේදී දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දුම්වැටියක මිල රුපියල් 07 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව දුම්වැටි සදහා ඉදිරියේ දී සියයට 15 ක වැට් බදු පැනවූ පසු මෙම වැඩිවීම සිදු වෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

දැනට දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩි වුවද බීඩි සහ සුරුට්ටු පරිභෝජනය වැඩිවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. දුම්වැටි මිල වැඩි කිරීමෙන් දුම්වැටි භාවිතය සියයට 4 සිට සියයට 5 දක්වා අඩු වී ඇති බවත් අවධාරණය කර සිටියා.

දුම්කොළ බදු වැඩි කිරීමෙන් ලබන ආදායම තුළින් සෞඛ්‍ය සේවාව සඳහා පනවා ඇති සියළු වැට් බදු ඉවත් කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.