Friday, March 29, 2024

General line - 0115112241

වැට් රකුසාට වඩා ණය රකුසා ලොකුයි – අජිත් මාන්නප්පෙරුම




ණය රකුසාගෙන් රට බේරාගැනීම සඳහා ආණ්ඩුව දැන් කි‍්‍රයාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. ‍

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. ඒ, වැට් බද්ද සහ රටේ ණය බරතාව පිළිබඳ සංසන්දනය කරමින්.

“මේ කියන වැට් රකුසාට වඩා ලොකු රකුසෙක් තමයි ණය රකුසා කියලා කියන්නේ. මේ ණය රකුසාගෙන් රටම , ජාතියම බේරාගන්න කරන උත්සහායක් තමයි මේ කරන්නේ. මොකද වැට් රකුසාව විනාශ කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 2ක් වගේ යනකොට වැට් රකුසාව විනාශ කරන්න පුළුවන් කියලා. නමුත් ණය රකුසා ව්‍යාප්ත වෙනවා. ඒක විනාශ කරන්න බැහැ හරියට පිළිකාවක් වගේ”.

සෞඛ්‍ය සේවාවන් සඳහා අය කෙරෙන වැට් බද්ද ඉදිරියේදී ඉවත් කෙරෙනු ඇති බවද මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.