Thursday, April 25, 2024

General line - 0115112241

ගම්පහ වෛද්‍යවරයාගේ මරණය ගැන පරීක්ෂණ




ගම්පහ මහරෝහලේ වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් ගම්පහ කිරිඳිවිට ප‍්‍රදේශයේ හෝටල් කාමරයක තිබී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා ඊයේ (07) රාත‍්‍රියේ එම හෝටලයට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් අද (08) දහවල් වනතුරුත් ඔහු හෝටල් කාමරයෙන් පිටතට ගොස් නැහැ.

ඒ අනුව හෝටලයේ සේවකයින් වෛද්‍යවරයා රැඳී සිටි කාමරයේ ජනේලයක් පිටතින් විවෘත කර බලන විට අදාළ වෛද්‍යවරයා කාමරයේ ඇඳ මත වැටී සිටින අයුරු දැක ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සේවකයින් වෛද්‍යවරයාට කාමරයෙන් පිටත සිට ආමන්ත‍්‍රණය කළ ද ඔහු ඊට ප‍්‍රතිචාර දක්වා නැහැ. ඒ අනුව සේවකයින් කළ දැනුම් දීමකින් පසු ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ හෝටල් කාමරයේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයා මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

මළ සිරුර ආසන්නයේ තිබී එන්නත් කුප්පි කිහිපයක් ද සොයා ගැනුණා. මියගොස් ඇත්තේ එම්.එම්. කුලතිලක නමැති ගම්පහ බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක්.