Sunday, September 22, 2024

General line - 0115112241

කෝප් කමිටුව අදත් රැස්වේ – සභාපතිගෙන් ප්‍රකාශයක්




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බව කියන ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව අද (26) නැවත රැස් වී සාකච්ඡා කරනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ දහවල් 2.30ට මෙම සාකච්ඡාව ආරම්භ වන බවයි.
අදාළ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශනයක් සිදුකරනවා. එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීයි. කෙසේ වෙතත් නියමිත පරිදි එම වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණේ නැහැ. කෝප් කමිටුව මීට පෙර ඉදිරිපත් කරන ලද රාජ්‍ය ආයතන 19ක් සම්බන්ධයෙන් වාර්තාව ඊයේ විවාදයට ගැනුණා.

මේ අතර පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කිරීමට නොහැකි වූ ශ‍්‍රී ලංකා මහබැංකුවේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන කෝප් වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා. එහි ඇතැම් කොටස් මේ වන විට පරිවර්තන හෝ මුද්‍රණ අවදියේ තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.