Friday, February 14, 2025

General line - 0115112241

මහ බැංකු අධිපතිට කෝප් කමිටුවෙන් යළි කැඳවීමක්




මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව වෙත යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ අගෝස්තු මස 12 වනදා මහ බැංකු අධිපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවන බවයි.

මහ බැංකු බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය කරුණු විමසීමට මෙම කැඳවීම සිදු කර ඇති බවද සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.