Friday, February 14, 2025

General line - 0115112241

සාලාව ප‍්‍රදේශයේ කසල මෙටි‍්‍රක් ටොන් 800ක් ඉවත් කෙරේ




කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ පසුගියදා සිදුවූ පිපුරුමෙන් පසු එම ප‍්‍රදේශයේ එකතුවූ කසල මෙටි‍්‍රක් ටොන් 800ක් පමණ ඉවත් කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා රුපියල් විසි දෙලක්ෂයකට අධික මුදලක් වැය වූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සීතාවක, හෝමාගම සහ දොම්පේ ප‍්‍රාදේශීය සභාවල සහය ලබාගනිමින් කසල ඉවත් කිරීම සිදු කෙරුණු බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.