Friday, March 29, 2024

General line - 0115112241

කෑෂ් බොනැන්සා 05වන මොන්ටෙරෝ රථය තණමල්විලට




එස්.එල්.ටී. මොබිටෙල් හඳුන්වාදුන් කෑෂ් බොනැන්සා 2016 වැඩසටහන යටතේ 05වන මොන්ටෙරෝ රථය හිමිකර ගැනීමට තණමල්විල පදිංචි පී.ඒ. කුසුමාවතී මහත්මිය සමත් වී තිබෙනවා.

එම මොන්ටෙරෝ රථය ඇය වෙත පිරිනැමුණේ එස්.එල්.ටී. මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නලින් පෙරේරා මහතා විසින්.

ඉදිරි මාසවලදී තවත් මොන්ටෙරෝ රථ 7ක් ජයග‍්‍රාහකයින් වෙත පිරිනැමීමට එස්.එල්.ටී. මොබිටෙල් සමාගම සූදානමින් සිටිනවා.

මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් හෝ බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතා හිමි පාරිභෝගිකයින්ට කෑෂ් බොනැන්සා වැඩසටහනට ඇතුළත් විය හැකියි.

කෑෂ් රී-චාර්ජ් , රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමේදී ඔවුන්ට එම අවස්ථාව උදාවනවා.