Friday, February 14, 2025

General line - 0115112241

පොළොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි




පොළොන්නරු නගරයේ ඉතිහාසය පිළිබඳ නව අදහසක් මතු කර ගැනීමට හැකි වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ පොළොන්නරුව ඇතුළු, නගරයේ බැම්ම ආසන්නයේ සිදු කළ කැනීම්වලදී කාසි නිෂ්පාදනය සඳහා යොදාගත් ඉපැරණි යකඩ අච්චුවක කොටස් සොයා ගැනීමට හැකිවූ බවයි.

මේ අනුව අනුරාධපුර ශිෂ්ඨාචාරය පැවති කාලයේ සිට පොළොන්නරු නගරය දියුණු තත්ත්වයක පැවති බව ඉදිරියේදී තහවුරු කිරීමට හැකිවනු ඇති බවයි මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.