Friday, February 14, 2025

General line - 0115112241

පැහැර ගැනුණු තරුණයා රෝහලේදී මියයයි




පාදුක්ක, බෝපේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු පැහැර ගෙන ගොස් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාදුක්ක පොලීසිය කළ වැටලීමකදීයි. ඊයේ (09) රාති‍්‍ර 11.00 ට පමණ කිසියම් පිරිසක් විසින් මෙම තරුණයා පැහැරගෙන ගොස් තිබුණා. වාහන තුනකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් අදාළ තරුණයාට පහරදී පාදුක්ක, අංගම්පිටිය ප‍්‍රදේශයේ අතහැර දමා ගොස් තිබුණා.  පසුව ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් එම තරුණයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුව ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.