Friday, February 14, 2025

General line - 0115112241

සාලාවේ උද්ඝෝෂකයන්ට එරෙහිව මහජන පීඩා පැමිණිළි 08 ක්




සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ප‍්‍රදේශවාසීන්ට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවේ ප‍්‍රගතිය අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හෙට (11) විමසා බැලෙනවා.

ඉකුත් සිකුරාදා පෙරවරුවේ ප‍්‍රදේශවාසීන් පිරිසක් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය අවහිර කරමින් සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, තමන්ට නිසි පරිදි සහන නොලැබුණ බව පවසමින්.

එම උද්ඝෝෂණ හේතුවෙන් සිදුවූ මහජන පීඩා පිළිබද කොස්ගම පොලිස් ස්ථානයට පැමිණිලි 8 ක් ඉදිරිපත් වී තිබෙනවා. ඉන් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රෝගී පුද්ගලයෙකු රෝහලට රැගෙන ගිය පාර්ශ්වයක් විසින්. සංචාරක මගපෙන්වන්නෙකුද අදාළ විරෝධතාවට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේ ප‍්‍රගතිය හෙට අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විමසා බැලෙනු ඇති.