Saturday, May 4, 2024

General line - 0115112241

බෞද්ධ කොඩිය වැරදියට ඔසවන්න එපා! එසවිය යුතු හරි ක්‍ර‍මය මෙන්න…



කඨින පිංකම් පැවැත්වෙන මේ දිනවල බෞද්ධ කොඩිය වැඩි වශයෙන් භාවිත කරනු දක්නට ලැබෙනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව ඔසවන මේ බෞද්ධ කොඩිය එසවිය යුතු නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව දක්නට ලැබෙන සුලභ කරුණකි.

ප්‍ර‍මිති ආයතනය පෙන්වා දෙන්නේ වර්ණ 05 ක් සහිත තීරුවේ නිල් වර්ණය ඉහළට සිටින සේ කොඩිය එසවීම නිවැරදි ක්‍ර‍මය බවයි.

ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹදී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.

01
නිවැරදි ක්‍ර‍මය
image-02
වැරදි ක්‍ර‍මය
(www.news.lk රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරෙණි)