Saturday, May 4, 2024

General line - 0115112241

පියා ලෝකෙටම ලොක්කා වූ දිනයේදීත් රාජකාරිය දේවකාරිය කරගත් සුරූපි දියණිය (PHOTOS)



තම පියා ලෝක බලවතා ලෙස තේරීපත් වූ දිනයේ උදෑසනත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් නියමිත පරිදි සිය ස්වාමියාද සමගින් රැකියාව බලා පිටත්ව ගියා.

එදින උදෑසන සාමාන්‍ය රාජකාරී ඇඳුම්වලින් සැරසී සිටි ඔවුන්, පාර්ක් වීදියේ වූ මහල් නිවාසයෙන් පිටතට පැමිණ ඔවුන්ගේ කාර්යාල පිහිටි ට්‍රම්ප් කුලුණ වෙත මෝටර් රථයක නැගී පිටත්ව ගියත්, බොහෝ විට ඔවුන් දෙදෙනා කාර්යාලය වෙත පයින්ම ගමන් කරන අවස්ථා නිතර දැකිය හැකි බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

දරුවන් තිදෙනෙකුගේ මවක වන 35 හැවිරිදි ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර්, ඊයේ දිනයේදී (09දා) මැතිවරණයේ ඡන්ද ගණන් කර අවසන්ව ට්‍රම්ප් ජාතිය ඇමතූ අලුයම 3.00 පමණ වන තෙක්ම නිදිවර්ජිතව සිටියත් ඔවුන්ගේ මුහුණුවල විඩාවක් දැකගැනීමට නොහැකි වූ බව විදෙස් වාර්තා පවසයි.

සිය පියාගේ අඩිපාරේ යන ව්‍යාපාරික කතක් ලෙස ප්‍රකට ඉවන්කා, ඩොනල්ඩ් හා මෙලීනා ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාවේදීද ඔවුන් දෙදෙනා සමග ඡන්දය ප්‍රකාශ කිරීමටද ගොස් සිටියාය.

3a32918500000578-0-trump_walked_onstage_around_3am_on_wednesday_followed_by_his_son-a-38_1478706835686 3a34d4f100000578-3920740-image-a-88_1478709268842 3a34d5ef00000578-3920740-image-a-77_1478709065487 3a34d61100000578-3920740-image-m-99_1478709376051 3a35e87e00000578-3920740-image-a-101_1478709395162 3a35e92a00000578-3920740-image-a-85_1478709202303 3a35e88600000578-3920740-image-m-84_1478709153294 3a328e0e00000578-0-all_of_the_trump_clan_including_his_sons_eric_donald_jr_and_barr-a-32_1478706835444 3a32910e00000578-0-melania_and_ivanka_listened_as_trump_thanked_all_those_who_have_-a-31_1478706835442