Friday, May 3, 2024

General line - 0115112241

ට්‍ර‍ම්ප් වැඩ අරඹයි – මිලියන ගණනකට ඇමරිකාව අහිමිවෙයි!



තමා ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන දෙකත් – තුනත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේ සීබීඑස් (CBS) රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අපරාධකරුවන් පාතාල කල්ලි සාමාජිකයන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධවලට සම්බන්ධවූ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කියා සිටියේය.

ඔහුගේ ප්‍ර‍ධාන මැතිවරණ පොරොන්දුවක් වූ මෙක්සිකොව හා ඇමරිකා දේශ සීමා වෙන්කරමින් තාප්පයක් ඉදිකරන බවට වූ පොරොන්දුව පිළිබඳ ද මෙහිදී විමසූ අතර ඔහු පැවසුවේ එය ඉදිකරන බවකි.

දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව මිලියන අටක් වූ ඉතිරි සංක්‍රමණිකයන්ගේ ඉරණම පිළිබඳව තීරණය කරන බව ඔහු පැවසීය.