Saturday, September 21, 2024

General line - 0115112241

පොලිසියට වෙඩි තැබූ සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි (UPDATE)




පොලිස් පරීක්ෂකවරයෙකුට මරු කැඳවමින් හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් කුරුණෑගල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අපරාධ රැසකට සම්බන්ධව ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනුණේ ගිනිඅවියක් ද සමගයි. තවත් ගිනිඅවියක් සමග ඔවුන් පැමිණි මෝටර් රථය ද සොයා ගැනුණා.

අදාළ මෝටර් රථය කොළඹ ප‍්‍රදේශයෙන් පැහැරගෙන ආ  එකක් බවටයි වැඩිදුරටත් අනාරවණ වී ඇත්තේ. මෝටර් රථයේ තිබී හිස් පතරොම් 3 ක් සහ ජංගම දුරකථන 16 ක්ද සොයා ගැනුණා.


පොලිසියට වෙඩි තබා පනින්න ගිය අයෙක් මාට්ටු

(Nov 16, 2016 @ 12:19)

කුරුණෑගල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථයකින් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මූලස්ථාන ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

කුරුණෑගල – පුත්තලම පාරේ හෝටලයක් අසල ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පරීක්‍ෂාවට ගිය පොලිස් නිලධාරින් පිරිසකට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වුණා. එහිදී පොලිස් පරීක්‍ෂකවරයෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.