Saturday, September 21, 2024

General line - 0115112241

ආවා නායක “සන්නා“ සොයා යයි..!




උතුරේ කි‍්‍රයාත්මක ‘ආවා’ කල්ලියේ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්  එකළොස් දෙනෙකු නොවැම්බර් මස 30 වන තෙක් අද (16) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයකට අනුවයි.

මෙම කල්ලිය සන්නා නමැති එල් ටී ටී ඊ යේ හිටපු සාමාජිකයෙකු විසින් මෙහෙයවන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නා.