Saturday, September 21, 2024

General line - 0115112241

පේරාදෙණියේ සිසු ගැටුමක්




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.  කලා පීඨයේ අවසන් වසරේ සිසුන් සහ එම පීඨයේ දෙවන වසරේ සිසුන් අතර ගැටුම හටගෙන තිබෙනවා.

කලා පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විසිර යාමේ උත්සවයකට ආරාධනා පත‍්‍ර ලබාදීම ප‍්‍රමාද කළ බව කියමින් ඔවුන් දෙවන වසරේ සිසුන්ට පහරදී ඇති බවයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.