Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ගේ සොහොයුරාට ඇප




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සොහොයුරා වන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සරත් වීරවංශට අද (16) ඇප නියම වුණා.

ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සරත් වීරවංශ රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි මෙහිදී නියෝග කෙරුණේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ ඉකුත් සැප්තැම්බර් පළමුවෙනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.