Saturday, September 21, 2024

General line - 0115112241

තාජුඩීන් මිතුරෙකුට දුන් ඇමතුම් ඔස්සේ පරීක්ෂණ ඉදිරියට




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (16) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ තාජුඞීන්ගේ මරණය සිදුවීමට පැය කිහිපයකට පෙර ඔහුගේ මිතුරෙකුට ලබාදුන් බව කියන දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක කරන බවයි.

මෙහිදී රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, නොවැම්බර් 30 වෙනිදා දක්වායි.

ඊට අමතරව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අද නියෝග කෙරුණා.