Friday, October 18, 2024

General line - 0115112241

“උතුරට කිරි අනෙක් පැතිවලට කැකිරිලු”




උතුරු පළාත හැර අනෙකුත් පළාත් සියල්ලට අයවැයෙන් ලබා දී ඇති ප‍්‍රතිපාදන කපාහැර ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය චෝදනා කරනවා.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේ බස්නාහිර පළාතේ මේ වන විට බිලියන 09 කට ආසන්න මුදලක් කප්පාදු වී ඇති බවයි. මෙය පාලාතකට දැරිය නොහැකි තත්ත්වයක් බවත් සඳහන් කළා.

මෙගා පොලිස් හෙවත් මහානගර ව්‍යාපෘතිය පිළිබඳව ද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ මෙගා පොලිස් හරහා පැහැදිළිවම පළාත් පාලන ආයනතවල ඇති යම් බලතල පවරාගැනීමක් සඳහා උත්සහ කරන බවයි. ඊට ඉඩදිය නොහැකි බවත් සඳහන් කළා.