Saturday, September 21, 2024

General line - 0115112241

නිදහස වැරදියට භාවිතා කරන්න එපා




රටට ලබා දී ඇති නිදහස පටු දේශපාලන උවමනාවන් හෝ ජාතිවාදය හා ආගම්වාදය මුල්කරගෙන හෝ භාවිත නොකළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රටේ නිදහස සහ අයිතිවාසිකම් ලැබෙන්නේ ඒ රටේ බුද්ධිමත් උගත් මහජනතාවට බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ලැබෙන නිදහසින් පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීම හරහා රටේ ඉදිරි ගමනට කිසිඳු සෙතක් අත් නොවන බවද සඳහන් කළා.

ඇතැමුන් රජයෙන් අපේක්ෂා කරන පරිදි ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහා සමුළුව අමතමින්.