Saturday, September 21, 2024

General line - 0115112241

මියගිය සැමියාගේ දේහය ඉල්ලූ බිරින්දැවරු තිදෙනාට අධිකරණයෙන් හොඳ විසඳුමක්




රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සැමියාගේ සිරුර ඉල්ලා සිටි බිරින්දෑවරුන් තිදෙනාගේ ගැටලුවට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (16) පිළිතුරක් ලැබුණා.

ඒ අනුව අතිරේක මහේස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර නියම කළේ දේහය මියගිය පුද්ගලයාගේ මවට භාරදෙන ලෙසයි.

එමෙන්ම දේහය ඔහුගේ මවගේ නිවසේ තැන්පත් කර තබන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා. මියගිය පුද්ගලයාට අගෞරවයක් නොවන අයුරින් අවසන් කටයුතු සිදුකරන ලෙසටයි මහේස්ත‍්‍රාත්වරයා බිරින්දෑවරුන් තිදෙනාට වැඩිදුරටත් නියම කළේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා වැය වන මුදල මෙම පුද්ගලයාගේ පළමු බිරිඳ විසින් දැරීමට ද මෙහිදී එකඟ වී තිබෙනවා.

මෙම බිරින්දෑවරුන් තිදෙනා නීත්‍යානුකූල විවාහ සහතික ද ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මියගොස් සිටින තම ස්වාමියාගේ දේහය ලබාදෙන ලෙසටයි. යක්කල කිරිඳිවැල මාර්ගයේදී ඉකුත් 13 වෙනිදා සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.